අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල’ නම් පෞද්ගලික වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී අදාළ මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර ඇත.
මියගිය අය අතරින් 10 දෙනෙකුම එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. තුවාල ලැබූ තවත් 7 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.
පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානයේ මානසික ආබාධ සහිත පුද්ගලයින් ද රැඳී සිට ඇත.
අද (04) පෙරවරුවේ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
අදත් ලොකු වැස්සක්
අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!