නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (04) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය.
කෙසේවෙතත් අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා දිවි බේරාගැනීමට සමත්වී තිබේ.
අද (04) උදෑසන 6:45ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
පසුව නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කඩාවැටීමෙන් ඊට යටවී මියගොස් සිටි තිදෙනාගේ සිරුරු ඉවතට ගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.
ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත්වී තිබූ එම යූකැලිප්ටස් වර්ගයේ මෙම ගස කපා ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්වය වෙත දැනුම්දී තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබීම හමුවේ මෙම අනතුර සිදුවී ඇති බවය.
අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!
අදත් ලොකු වැස්සක්
අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!