අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (03) රාත්‍රියේ හටගත් මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද (04) පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබීය. එහිදී ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය සුරතල් පූසෙකුගේ සිරුරක් ද සොයාගෙන තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් ඇත. පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව තවත් දෙදෙනෙකු මියගොස් තිබේ.
ගින්නෙන් දිවි බේරාගත් වැඩිහිටි නිවාසයේ සිටි 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගැන්වීමට පියවර ගැනුණි.
අද පෙරවරුවේදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, විද්‍යාලයේ සිටි පිරිස මෙම වැඩිහිටි නිවාසයේම අනු ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර, සිද්ධිය වන අවස්ථාවේදී පොලිස් රැකවරණය යටතට පත් කෙරුණු වැඩිහිටි නිවාසයේ හිමිකරු ද අද දින පරීක්ෂණ කටයුතු සඳහා එම ස්ථානයට කැඳවා තිබුණි. ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුරුවාතොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!
අදත් ලොකු වැස්සක්
අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!