මෙරට පාසල් ළමුන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම දරුවන් යොවුන් වියට පැමිණීමේ දී ස්ථූල භාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි.
ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරනවා.
“වයස අවුරුදු 5ට අඩු දරුවන්, අවුරුදු 5ට වැඩි දරුවන් ගත්තහම මේ සමීක්ෂණයට අනුව, අපේ මන්දපෝෂණය, මිටි බව 10.1%යි. ක්ෂය වී යෑම 8.1%යි. බර අඩුකම 16.1%යි. බර වැඩිකම 0.5%ක් වගේ ඉතා සුළු මට්ටමක්. මේකෙන් පේනවා අපේ දරුවන්ගෙන් පහෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව. එවැනි රටක දරුවන් වයසට ගිහින් තරුණ සහ මැදිවියට එනකොට ස්ථුලභාවයට පත්වෙනවා. කුඩා කාලයේ තිබෙන මන්දපෝෂණය පරිවර්ථනය වෙනවා ස්ථූලභාවය කරා. ස්ථූලභාවය වැඩිහිටියන්ගේ කාන්තාවන්ගේ 47%ක් සහ පිරිමින්ගෙන් 30%ක් වෙනවිට කාන්තාවන්ගෙන් 15%ක් හා පිරිමින්ගෙන් 6%ක් බවට පත්වෙනවා.”

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිට ඇප
හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා රිමාන්ඩ්
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!
අදත් ලොකු වැස්සක්
අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්