රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.
ඔහු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (4) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.
ස්ථානාධිපතිවරයා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර ඇති අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. ඊට අමතරව පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද නියෝගය කර ඇත.
මැණික් ගලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීමේ චෝදනාවකට අදාළව ඔහු ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබීය.

තීනියාවල පාලිත හිමි සමාව ඉල්ලයි
පාසල් ළමුන්ගෙන් 20% කට මන්දපෝෂණය
හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා රිමාන්ඩ්
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!
අදත් ලොකු වැස්සක්