හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ගෝලීය ඉන්ධන ප්‍රවාහනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති ඉරානය, සිය මිත්‍ර සංවිධානයක් වන යේමනයේ හූති කැරලිකරුවන් යොදවා රතු මුහුද සහ ඉන්දීය සාගරය යා කෙරෙන ‘බාබ් අල් මන්ඩෙබ්’ (Bab-el-Mandeb) සමුද්‍ර සන්ධිය ද වසා දැමීමට උත්සාහ කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධන ආසියානු කලාපය වෙත ප්‍රවාහනය කෙරෙන්නේ මෙම රතු මුහුද ඔස්සේ වීම හේතුවෙන්, මෙය ගෝලීය බලශක්ති සැපයුමට දැඩි තර්ජනයක් වනු ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන පරිපාලනය සම්බන්ධයෙන් ඉරානය ගන්නා උත්සාහය මුල්කරගෙන අමෙරිකාව සහ ඉරානය අතර මේ වනවිට දරුණු යුදමය තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව:
- පස්වන දිනටත් ප්‍රහාර: අමෙරිකාව විසින් ඊයේ (15) දිනයේදීත් අඛණ්ඩව පස්වැනි දිනටත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කර ඇත.
- නාවික බාධක: ඉරානය ආසන්නයේ පනවා ඇති නාවික බාධකය කඩකරමින් ඉරාන වරායක් බලා යාත්‍රා කරමින් පැවති ඉන්ධන ප්‍රවාහන නෞකාවකට වෙඩි තබා එය නැවැත්වීමට අමෙරිකානු මධ්‍යම විධානය සමත්ව තිබුණි.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉරානය විසින් සිය අසල්වැසි කුවේට් සහ බහරේන් වැනි රටවලට ද තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. මේ අතර, අමෙරිකානු හමුදා විසින් ළමා පිළිකා රෝහලක් සහ සෙම්නාන් ගුවන් තොටුපොළ ඇතුළු සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි ලෙස චෝදනා කරයි.
කෙසේ වෙතත්, මෙවන් උණුසුම් පසුබිමක් මධ්‍යයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටින්නේ, අමෙරිකාව සමඟ සමථයකට පැමිණීමට ඉරානයට මේ වනවිට දැඩි උවමනාවක් පවතින බවයි.

2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නවගමුවේ වෙඩිතැබීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යළිත් යකා නටයි
අගමැතිනිය යළි දිවයිනට
කොළඹට සුබ ආරංචියක්
සියලුම ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට චීනයෙන් තෑග්ගක්
සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ශ්‍රී ලංකා රුපියලෙහි සුළු සෙලවීමක්
උසස් පෙළ විභාගය කල් යයිද? කල් දමන ලෙස ඉල්ලූ පෙත්සමට අභියාචනාධිකරණය දුන් තීන්දුව