Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍ය කැළඹූ කුරුණෑගල ගුරුවරයාගේ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්! 08 හැවිරිදි දරුවාට එල්ල වන චෝදනා ගැනත් පැහැදිලි කිරීමක්!

15 hours ago

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති, මෝටර් රථයක් ගිනිගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

අදාළ වීඩියෝව සමඟ සංසරණය වන හඬ පට මඟින් එම දරුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බවට අඟවා තිබුණද, විමර්ශනවලදී ඒ සඳහා කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය අවධාරණය කරයි.

මෙම ගිනි ගැනීම සිදුව ඇත්තේ කුරුණෑගල පොලිස් වසමට අයත් විදුහල් භූමියක ය.

පොලිස් වාර්තාවලට අනුව 2026 ජූලි මස 03 වෙනිදා අදාළ පාසල් භූමියේ නවතා තිබූ රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා මෝටර් රථයක් මෙලෙස ගින්නෙන් විනාශ වී ඇත. 

මෙම ගිනි තැබීමට වයස අවුරුදු 08ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවට පවසමින් කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී තිබේ.

පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශනවල මෝටර් රථය අසලින් ගමන් කරනු ලබන්නේ එම විදුහලේම අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සිසුවකු බවය.

කෙසේ වෙතත්, අදාළ දරුවා මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය පවසයි.

කුරුණෑගල පොලීසිය විසින් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ. 

මෝටර් රථය ගිනි ගැනීමට ලක්වූ සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය  මඟින් විශේෂඥ සාක්ෂි සහ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ද පියවර ගෙන ඇත.

එබැවින් නිල විමර්ශන අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *