Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා

12 hours ago

මේ වනවිට සෑම බන්ධනාගාරයක ම ධාරිතාව ඉක්මවලා ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ය.

බන්ධනාගාර සුබසාධනය සඳහා සෘජු මැදිහත්වීමක් සිදු කිරීමට ආණ්ඩුවට මීට පෙර අවස්ථාවන් ගණනාවක්ම තිබූ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු චෝදනා කළේ, ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කර නොමැති බව ය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් පහුගිය දිනවල, පහුගිය කාලසීමාවලත් අපි පාර්ලිමේන්තුවේත් මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් රස පරීක්ෂක වාර්තා එන්න අවුරුදු ගානක් යනවා. ඉතින් රස පරීක්ෂක වාර්තා එනකන් බොහෝ අය නිකන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. වාර්තාව එනකොට සමහරුන්ගේ ඒවායේ මත්ද්‍රව්‍ය ඇත්තෙත් නෑ. හැබැයි ඉතින් ඒ කාලසීමාව ඇතුලේ මේ බන්ධනාගාර පිරෙනවා.

​ඉතින් බන්ධනාගාර කාර්ය මණ්ඩලයත් නෑ. නිලධාරීත් නෑ. එක්කෝ නිලධාරී ටික දෙන්න ඕනේ, යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඉතින් ඒවා හදන්නේ නැතුව ආණ්ඩුව හැමදාම පොලිසිය ලව්වා, පොලිසියේ මත්ද්‍රව්‍ය වැළැක්වීම කියන කාරණය මත, කැම්පේන් එක මත අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් දක්වන කරුණු මත තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඉතින් මේ තත්ත්වයට ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනේ සහ ආණ්ඩුව මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ.

​ඒ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවය මත ඔවුන්ට හසුරුවන්න පුළුවන් කොමසාරිස් කෙනෙක් පත් කරනකන් බලන් ඉන්නවා. ඉතින් මේ හැම කාරණයක් පිටිපස්සෙම තමන්ගේ දේශපාලන අරමුණ තියෙනවා. ඉතින් දේශපාලන අරමුණු ඉටුකරගන්න මිනිස්සු බන්ධනාගාරගත කරනවා. මාධ්‍ය සංදර්ශන දාන්න ඕනේ හින්දා අහිංසක මිනිස්සු ගිහිල්ලා කුඩු සහ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ කිසි කෙනෙක් පුනරුත්ථාපනය යවන්නෙත් නෑ. අඩුම ගානේ එක වතාවක් හෝ දෙවතාවක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුව පුනරුත්ථාපනයට යවන්න ඕනේ. ඉතින් පුනරුත්ථාපනය කරන්නෙත් නෑ. සියලු දෙනාම ගිහිල්ලා බන්ධනාගාර ටික පුරවගන්නවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *