කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.
කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලංකාවාසී ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඇය පසුගිය දා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විය.
දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එරට වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී සිය බලවත් කණගාටුව පළකරන ලදී.
අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය වෙත ශ්‍රී ලංකා රජයේ ශෝකය පිරිනැමුවාය.
මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි කුමරිය වෙත ද, රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත ද ඇය ශෝකය පළ කල බව වාර්තා වේ.

2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නවගමුවේ වෙඩිතැබීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යළිත් යකා නටයි
කොළඹට සුබ ආරංචියක්
සියලුම ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට චීනයෙන් තෑග්ගක්
සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ශ්‍රී ලංකා රුපියලෙහි සුළු සෙලවීමක්
මැදපෙරදිග යුද උණුසුම ඉහළට! ඉරානයෙන් තවත් සමුද්‍ර සන්ධියක් වැසීමේ සූදානමක්!
උසස් පෙළ විභාගය කල් යයිද? කල් දමන ලෙස ඉල්ලූ පෙත්සමට අභියාචනාධිකරණය දුන් තීන්දුව