Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹට සුබ ආරංචියක්

8 hours ago

කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කරන්නේ, කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මඟින් අය කරනු ලබන විනෝද බදු සංශෝධනය කිරීමට පියවර ගත් බවය.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එහි දක්වා ඇත්තේ, කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මඟින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බවය.

නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයට දිරියක් ලබාදීමට දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *