Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට චීනයෙන් තෑග්ගක්

9 hours ago

ශ්‍රී ලංකාවේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 2027 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිතය. 

ඒ සඳහා වන නිල සහතිකපත් හුවමාරු කර ගැනීම ඊයේ (15) බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සුවිශේෂී ආධාර ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට නියමිතය.

ඒ වෙනුවෙන් රෙදි මීටර් මිලියන 10.820ක (දහ මිලියන අසූ දෙදහසක) දැවැන්ත රෙදි තොගයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නොමිලේ පරිත්‍යාග කිරීමට නියමිතව ඇත.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් තහවුරු කරමින් මෙහිදී අදාළ එකඟතා සහතිකපත් හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අතර සිදුවිය.

මෙම නිල අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර උපදේශකවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *