Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැතිනිය යළි දිවයිනට

8 hours ago

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.

කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලංකාවාසී ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඇය පසුගිය දා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විය.

දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය  වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එරට වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී සිය බලවත් කණගාටුව පළකරන ලදී.

අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ  සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය වෙත ශ්‍රී ලංකා රජයේ ශෝකය පිරිනැමුවාය.

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි කුමරිය වෙත ද, රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත ද ඇය ශෝකය පළ කල බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *