2027 වසරේ අයවැය හරහා රජයේ සේවකයින්ගේ වැටුප් නැවත වරක් වැඩි කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 සහ 2026 වසරවලදී ද රජයේ සේවකයින් සඳහා මූලික වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළ බවයි. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේදී සිදුකළ වැටුප් සංශෝධනයෙන් පසුව 2026 වසරේදී ද වැටුප් ඉහළ නැංවූ අතර, රටේ පැවැති ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලැබෙන රජයේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉතා අභියෝගාත්මක ආර්ථික වටපිටාවක රට භාර ගත්ත ද වර්තමානය වන විට ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව 2027 වසරේදී ද රජයේ සේවකයින්ගේ මූලික වැටුප් හා දීමනා ඉහළ දැමීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්