ප්‍රදේශයේ පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්නෑව පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
එහිදී සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුඩා පැකට් 94ක්, ග්‍රෑම් 150 බැගින් අඩංගු බෝතල් 15ක් සහ ග්‍රෑම් 250 බැගින් අඩංගු බෝතල් 21ක් වශයෙන් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 09යි ග්‍රෑම් 296ක් වූ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සජබයෙන් ප්‍රසිද්ධ කරයි
සුගීෂ්වරට අදත් ඇප නෑ
නිවසක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක්
බැංකු පොලී අනුපාතික යළි ඉහළ යනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන ලකුණු
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
මැගසින් බන්ධනගරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට