පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පවතින ගුරු පුරප්පාඩු පියවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මෙම විශේෂ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
විශේෂයෙන්ම විද්‍යාව හා ගණිතය යන විෂයන් සඳහා පාසල් පද්ධතියේ පවතින උග්‍ර ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත්, ගුරු හිඟය පවතින ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමටත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
දුෂ්කර හා අතිදුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය භෞතික හා මානුෂීය පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශයන් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට