පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පවතින ගුරු පුරප්පාඩු පියවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මෙම විශේෂ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
විශේෂයෙන්ම විද්‍යාව හා ගණිතය යන විෂයන් සඳහා පාසල් පද්ධතියේ පවතින උග්‍ර ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත්, ගුරු හිඟය පවතින ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමටත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
දුෂ්කර හා අතිදුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය භෞතික හා මානුෂීය පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශයන් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

සිරියාවේ හිටපු ජනාධිපතිට මරණ දඬුවම
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලැබෙයිද?
දූෂණ චෝදනාවකට රාජිතට අධි චෝදනා
රුපියල් 40,000ක අල්ලසක් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට
ලංගම බස් රථයක් පෙරළෙයි
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට
තරුණියකගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වා තර්ජනය කළ චීවරධාරී ගුරුවරයෙක් අත්අඩංගුවට
ජනපති හා නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජූලි මාසයේ දී මහ බැංකුව සැරටම ඩොලර් මිලට අරන්
මැලේසියාවේදී කොටුවූ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට
මරණීය දණ්ඩනයට එරෙහිව කාදිනල් හිමිගෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා 16,000ක්! සම්පූර්ණ විස්තරය මෙන්න!