විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට (BASL) හෙට ප.ව. 1ට සාකච්ඡාවක් ලබාදී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්ද සිදුකර තිබුණි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබේ.
එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස සංශෝධනය කර ඇත.
කෙසේ නමුත් නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙසය.
එම තීරණය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමගද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සජබයෙන් ප්‍රසිද්ධ කරයි
සුගීෂ්වරට අදත් ඇප නෑ
නිවසක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක්
බැංකු පොලී අනුපාතික යළි ඉහළ යනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන ලකුණු
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි