සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ අලෙවිකරමින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පොලීසිය මහජනතාවට අනතුරු අඟවයි. ඇස්බැස්ටෝස්, සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා බෙහෙවින් අඩු මිලට ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍යවල පළකරන පළ කරන දැන්වීම් හරහා මෙම ජාවාරම සිදුවන බව වාර්තා වේ.
අදාළ වංචාකරුවන් අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ලබාගැනීමෙන් පසු, ඇණවුම් කළ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ පිහිටි වෙනත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙකු ලවා භාණ්ඩ අදාළ ලිපිනයට ප්‍රවාහනය කිරීමට කටයුතු කරයි. භාණ්ඩ සහිත වාහනය එම ස්ථානයට පැමිණි වහාම වංචාකරුවන් විසින් ඇණවුම්කරු මුලා කරමින් තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කරවා ගැනීම සිදුකරනු ලබයි.
කෙසේවෙතත්, භාණ්ඩ ප්‍රවාහනය කළ රියදුරු මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී පමණක් තමන් සංවිධානාත්මක මුදල් වංචාවකට හසුව ඇති බව අදාළ ඇණවුම්කරුට තහවුරු වේ. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි රැසක් ලැබී ඇති බැවින්, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙවැනි ගනුදෙනුවලදී වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!
අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර