Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වසර 40 කට පසු පුපුරා යයි(ඡායාරූප)

4 years ago

ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන හවායි හි පිහිටි මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිටින ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවත් ගිනිකන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම “උපදේශන” සිට “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි.

ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිඳී පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *