Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව

9 minutes ago

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නැරඹීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඇගේ පෞද්ගලික වාහනයෙන්ම බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළු වීමට ඉඩ ලබාදී ඇත්තේ ඇය හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳ වීම නිසා වන්නට ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කෙසේවෙතත්, එම සිදුවීම සම්බන්ධයෙන් තමන් හරියටම කරුණු නොදන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ප්‍රශ්නය – අපි දැක්කා ඊයේ නාමල් රාජපක්‍ෂව බලන්න ශිරන්ති රාජපක්ෂ ඇයගේ වාහනයෙන් බන්ධනාගාරය ඇතුළට යනවා. එහෙම කොහොමද යන්නේ ? දැන් අනිත් සිරකරුවන්ටත් එහෙම පුළුවන්ද වාහනයෙන් ඇතුළට ගිහිල්ලා බලන්න, නැත්නම් මේක නාමල් රාජපක්ෂට විතරක් ලැබෙන විශේෂ වරප්‍රසාදයක්ද ?

“තවම අච්චු ලැබිලා නැහැ. සැකපිට අත් අඩංගුවට ගත්තු අය රැඳවුම්භාරයේ ඉන්නෙ. එවැනි අයව බැලීම සඳහා වෙච්ච බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි වෙන්න ඇත්තේ, මම හරියටම දන්නෙ නැහැ”

ප්‍රශ්නය – වාහනයක් ඇතුළට ගෙනියන්න තියා වාහනයක් එතන නවත්වන්නවත් දෙන්නෙ නැහැ සාමාන්‍ය පුද්ගලයෙකුට ?

“හිටපු ජනාධිපති කෙනෙක්ගේ භාර්යාව නිසා වෙන්න ඇති දෙන්න ඇත්තේ. හොයලා බලලා කියන්නම්”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *