සේරුවිල පූජනීය භූමියේ රථගාලක නවතා තිබූ බස් රථයක් තුළදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් පස්දෙනෙක් සේරුවිල පොලීසිය මගින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලදී හෙළිදරව් වී ඇත්තේ දුරකථනය ඔස්සේ ඇති කරගත් ප්රේම සබඳතාවක් මත සිසුවිය රවටා පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙස දන්වා සේරුවිලට ගෙන්වාගෙන මෙම අපරාධය සිදු කර ඇති බවයි.
පෙරහැර මංගල්යයේ යොදවා සිටි මුතූර් පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්රියාත්මක වී සිසුවිය බේරා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ වන විටත් ඇය තරුණයින් තිදෙනෙකු අතින් අතවරයට ලක්ව ඇති බවයි.
පසුව ඇයව බේරාගැනීමට කටයුතු කළ මුතූර් පොලීසියේ රාජකාරියේ නියුතු සැරයන් (53388) පේ .එම් චන්දුරන්න සහ කොස්තාපල් (104911) ජෙයිලන් මධුෂාන් නැමැති නිළධාරීන්ගේ සහය ඇතිව එම කටයුත්තට ආධාර හා අනුබල දුන් බවට සැකකරන පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළා.
සිසුවිය මේ වන විටත් ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මුතූර් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට