Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

25 minutes ago

කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලේඛන සකස් කර විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද(10) නියෝග කළා.

මෙලෙස විදෙස් ගමන් තහනම් කෙරුණේ ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ, බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් බිලියනයකට විකිණීමේ සිද්ධියකට මොවුන් සම්බන්ධ බවයි.

සැකකරුවන් අධිකරණය මඟහරිමින් සිටින බැවින් ඔවුන් රටින් පිටවුවහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තහනම් නියෝගය ඉල්ලා සිටියා.

අදාළ ඉඩම පැවරීමේදී ලැබුණු මුදලින් ඩිලන්ත මාලගමුවට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි 50ක මුදල වෙනුවට වාහන 14ක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම සිද්ධියට අදාළව සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන 89ක කළමනාකරුවන්ටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කරනු ලැබුවා.

ඩිලන්ත මාලගමුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පොලිසිය මඟහැර නොමැති බවත්, ඔහු හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ඉදිරියේදී ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත්ය.

අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද සඳහන් කළේ තම සේවාදායකයින් ප්‍රකාශ ලබාදීමට සූදානම් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් 29 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *