Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රේම සම්බන්ධය නතර කළාට පරණ පෙම්වතිය පැහැරගෙන ගොස් පහරදුන් පෙම්වතා 

3 years ago

මහමග ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැරගත් ස්ථානයටම ගෙනැවිත් ඇරලූ පුද්ගලයකු මැයි 30 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නිම කර තිබෙනවා.

දිවුලපිටිය – පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අදාළ ත්‍රීරෝද රථයේ රියැදුරු දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැරුණා.

ඇය වසරක පමණ කාලයක් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයේදී සඳහන් වූ අතර, සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවයි එය නවතා ඇත්තේ.

ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග පැමිණ මරදගහමුල – නෙල්ලිගහමුල ප්‍රදේශයේදීයි පැමිණිලිකාර තරුණියව පැහැරගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහරදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *