පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ නම් නවතම දේශපාලන පක්ෂය අද (22) වෙනිදා ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතය.
ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම් ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගෙන ‘ජනරජ පෙරමුණ’ බිහි කරන බවයි එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
HOPE – M නම් වූ පංචවිධ වටිනාකම් (අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවාදය) සහ ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ස්ථාවර ප්රජාතන්ත්රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම් ව එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව සැබෑ ‘ජනරජයක්’ බවට පත් කිරීමට ඉහත කී පංචවිධ වටිනාකම් සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ‘ජනරජ පෙරමුණ’ නම් වේදිකාව ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන බවත් ඔවුන් පවසනවා.
ඒ ගමනේ සක්‍රිය හවුල්කරුවකු වන ලෙස එක්සත් ජනරජ පෙරමුණ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
අධි වෝල්ටීයතා මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස NSO වෙතින් හදිසි ඉල්ලීමක්!
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා