තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිදවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්.
නමුත් එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බව ඔහු අද යළි අවධාරණය කළේය.
“මම නැවතත් නිවසට එනවා. දැන් අපේ නීතීඥවරුන් මට නැවත එන්න අවශ්‍ය පසුබිම සකසන්න වැඩ කරමින් ඉන්නවා. මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි.”
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි.
ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.
එසේම ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.
එවන් පසුබිමක් තුළ කටුනායක පිහිටි මිරැකල් ඩෝම් සම්මේලන මධ්‍යස්ථානයේ අද (21) ආගමික දේශනයක් පැවැත්වෙන බවට ඔහු මීට පෙර සිය සමාජ මාධ්‍යවල සටහනක් පළකර තිබුණා.
කෙසේ වෙතත් ඔහු එම රැස්වීම අවලංගු කර තිබූ අතර, ඉන් අනතුරුවයි එය දෙහිවල පැවැත්වෙන බවට සටහනක් තබා තිබුණේ.
එහෙත් එයද අවලංගු කර, පසුව අදාළ ආගමික දේශනය මිරිහාන ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
එහිදී ආගමික දේශනයට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටියා.
එහිදී ඔහු කියා සිටියේ තමන් අනිවාර්යයෙන්ම මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවයි.


නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
අධි වෝල්ටීයතා මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස NSO වෙතින් හදිසි ඉල්ලීමක්!
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා