ජනාධිපති ධූරය සහ විපක්ෂ නායක ධූරය බෙදාගැනීම වෙනුවෙන් නාමල් සහ සජිත් අතර අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු
මන්ත්රී වෛද්ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.
ඒ අනුව ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට විපක්ෂනායක ධූරය ලබාදීමටත්, රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිඳු ක්රියාමාර්ගයක් නොගැනීමටත්
සජිත් ප්රේමදාස පොරොන්දු වී ඇති බව ද මන්ත්රීවරයා පෙන්වා දුන්නා.
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය අඩාල කිරීමට කුමන අශුද්ධ සන්ධාන පිහිටුවා ගත්තත්, ඒ කිසිවක් සාර්ථක නොවන බවත්, මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින බවත් ඒ මහතා ප්රකාශ කළා.


වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි
වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!