සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (30) සමත් වුනා.
දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැති මෙම තරගයේ පළමුවට පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් වාර්තා කළා.
එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කිරීමට හැකි වූයේ ලකුණු 42ක් පමණි.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.
අනතුරුව පිටියට සිය දෙවැනි ඉනිම සඳහා පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 366කට සිය ඉනිම අත්හිටවූයේ, ජයග්‍රහණයට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්.
ශ්‍රී ලංකා දෙවන ඉනිමට යම්කිසි ජවයක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.
දිනේෂ් චන්දිමාල් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වැනි අර්ධ ශතකය රැස් කළ අතර ඔහු ලකුණු 83ක් රැස් කළේය.
කෙසේ නමුත් එම දායකත්වයන් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ලකුණු 282කට සීමා විය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 233ක පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!