‘ලිට්ල් හාර්ට්ස්’ ජාතික අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ආධාර ඉල්ලා මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (15) පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මෙම අත්අඩංගුවට ගැනීම් තහවුරු කළේය.
එක් සැකකරුවෙකු කල්පිටිය පල්ලිවසල්තුරේ ප්‍රදේශයේදීද තවත් සැකකරුවෙකු නොරොච්චෝලය කරඹ ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු 28 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි සේනාධීර දුලාන් මහේෂිත ලෙසද අනෙක් සැකකරු 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මනික්කුගේ සඳරුවන් සිල්වා බවටද හදුනාගෙන තිබේ.
සේනාධීර දුලාන් මහේෂිත යන සකකකරු සමාජ මාධ්‍ය ක්‍රියාකාරි කයෙකු වන බව පොලිසිය සඳහන් කෙළේය.
සැකකරුවන් දෙදෙනා කොළොඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.
පොලිස් විමර්ශනයට අනුව, සැකකරුවන් පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් මිලියන 2.9 ක් එකතු කර ඇති අතර, ඒවා ඔවුන් ඔවුන්ගේ පුද්ගලික භාවිතය සඳහා අයථා ලෙස භාවිත කර ඇත.
2016 දී ආරම්භ කරන ලද ‘ලිට්ල් හාර්ට්ස්’ ජාතික අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය, හෘද රෝග ඇති දරුවන්ට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ලබාදීමේ අරමුණින්, දෙරණ මාධ්‍ය ජාලය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා ළමා රෝග විද්‍යා විද්‍යාලය විසින් ආරම්භ කරන ලදී.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!