ඇපල් සමාගමේ නිෂ්පාදනවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල නැංවීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය චීනය වෙත 54%ක තීරු බදු පැනවීම මිට හේතු වී ඇති බවයි.
නමුත් මෙම මිල ඉහළ යාම කෙටි කාලීනව සිදු නොවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එයට හේතූ වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මාස කිහිපයකට ප්‍රමාණවත් අමුද්‍රව්‍ය මේ වන විටත් ඇපල් සමාගම ආනයනය කර ඇති බවයි.
ඉදිරියේදී අමුද්‍රව්‍ය ආනයනයේදී ඇතිවන බලපෑමත් සමඟ ඇපල් සමාගමේ නිෂ්පාදනවල ඉහළ යනු ඇති බව සඳහන්.