නිව්යෝර්ක්හි හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් එහි සිටි හය දෙනාම මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම යානයේ සිටි නියමුවා සහ ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙසේ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙක්ද සිටින බව සඳහන්.