Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයන් විදෙස්ගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

1 year ago 8.9 K

රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වන බවයි එහි දැක්වෙන්නේ.

මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර ඇති අතර එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරෙනවා.

මේ අතර අදාළ සේවකයා තාවකාලිකව සේවයෙන් ඉවත් වීමේදී එම තනතුරේ වැඩ ආවරණය හෝ වැඩ බැලීම සඳහා අභ්‍යන්තරික පදනම මත සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලෙන බවයි එහි දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *