අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි සහ ණය අපේක්ෂිත රටකට සුදුසු ම අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුණත් වඩාත් දූරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ස්තූති කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
කොළඹ නාවික ඇකඩමිය විසින් සංවිධාන කරනු ලැබූ “රාජ්‍ය ආර්ථිකය සම්බන්ධව සත්‍ය දැනගනිමු” තේමාවෙන් පැවැත් වුණු සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැයෙන් මූලික පදනමක් ඉදිරිපත් කර ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධාන කිරීම, බදු ඉහළ නැංවීම, පොලී අනුපාත ඉහළ නැංවීම ආදී සියල්ල ජනප්‍රිය පියවර නොවුණද රටේ පැවැත්ම වෙනුවෙන් ඉදිරියට යාමට නම් මේවා අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවයි බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්