Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නෙළුම් කුලුන සැප්තැම්බර් 15 සිට විවෘත වෙයි! ප්‍රවේශපත්‍රවල මිල ගණන් හා නරඹන්නන්ට ලැබෙන වරප්‍රසාද මෙන්න!

2 years ago 6 K

කොළඹ “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට
සැලසුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මෙහි ඉදි කිරීම් කටයුතු 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වැනිදා මෙහි ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන දුන්නා.

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙන අතර මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිත අතර මේ වන විට එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරෙනවා.

මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී
නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකියි.

තව ද රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක්
වතාවක් පමණක් බවත් ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක්
හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළෙඳ සැල් වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක් ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි පවතී.

ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලී පදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.

තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර එහි 400කට පමණ එකවර පහසුකම් සලසා ඇත. විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබේ.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහලේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහල කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම් මැදිරයේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුලුන සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ. මේ සියලුම අත්දැකීම් ලබන 15 වනදායින් පසුව ජනතාවට විවෘත කිරීමට නියමිතය.

PREVIOUS :

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *