ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථානය අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 1කින් ජය ගනිමින්.
පාකිස්තාන ඉනිමේ අවසන් ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි වේගපන්දු යවන නසීම් ෂා අවසන් පන්දු වාරයේ පළමු පන්දු දෙකට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව නොතිබූ ජයක් කරා පාකිස්තානය රැගෙන යාමට සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 129ක් පමණයි.
ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 35යි. හරිස් රවුෆ් ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 2ක්
අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
අද තරගය පාකිස්තානය ජය ගැනීමත් සමඟ තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගය සදහා සිය ස්ථාන වෙන් කරගැනීමට පාකිස්තානයත් ලංකාවත් සමත් විය.
ඒ අනුව අවසන් වටයේ පැවැති තරග 2ම ජයග්‍රහණය කිරීමට මේ වනවිට පාකිස්තානයත්, ලංකාවත් සමත්ව ඇත.
ඉන්දියාවට ඇෆ්ගනිස්තානය සමග තරගයක් ඉතිරිව තිබුණද අද තරගයේ තීරණයත් සමග ඉන්දියාව දැනටමත් තරගාවලියෙන් ඉවතට විසිව තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්