ටීචර් අම්මා ලෙස හැඳින්වෙන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නම් තරුණයා එම පන්ති ආයතනයේ සේවය කළ තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
පෙරේදා (16) මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට මෙම නියෝගය නිකුත් කළා.
ප්‍රථම වරට මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම තරුණයාව, මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් ඇපයක් මත මුදා හැරුණා.
මීට පෙර පහර කෑමට ලක් වූ මෙම සැකකරු ඩෙංගු රෝගය සඳහා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වුණා.
පසුව පසුගිය මැයි මස 17 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයකු විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළා.
එහිදි අගතියට පත් 24 හැවිරිදි තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, පසුගිය මැයි මස 06 වන දින රාත්‍රී 9.30ට පමණ මෙම සැකකරු විසින් තමන් සේවය කළ කාමරයේ විදුලිය විසන්ධි කර, තරුණියගේ අතින් ඇද ඇගේ රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කරමින් සිප ගැනීමට උත්සාහ කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයතන බලධාරීන් සමග කටාන පොලිසියට පැමිණිලි කළද, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ බවද නීතීඥවරුන් පවසනවා.
ඒ හේතුවෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට විශ්වාස කළ අතවරයට ලක්වූ තරුණිය, ළමා හා කාන්තා කාර්යාංශයට සහ වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කටාන පොලිසියෙන් ඉවත් කර තිබෙනවා.
දැනට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින මෙම විමර්ශන කඩිනම් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, නීතිඥ ගීත්මා ප්‍රනාන්දු සහ නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් සමග පෙනී සිටිමින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම නඩුවේදී සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥ රන්ජන් ජයසිංහ මහතා පෙනී සිට ඇති අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ සහ පොලිස් කොස්තාපල් උදය කුමාර යන නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!