ශ්‍රී ලංකාවේ සිටින සියළුම වියපත් පුද්ගලයන්ට අභිමානයෙන් සහ ආරක්ෂා සහිතව සෞඛ්‍ය සේවා, ආදායම් සහ සමාජ ආරක්ෂාව සඳහා සමාන ප්‍රවේශයක් සැකසීම සහ තම පවුල සහ ප්‍රජා ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලට සහභාගිවීමට ඇති අයිතිය තහවුරු කිරීමේ දැක්ම සහිතව නව වැඩිහිටි ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර තිබේ.
2006 වර්ෂයේ සකස් කළ වැඩිහිටියන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් වර්තමානයේ ක්‍රියාත්මක වන අතර නව ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනාගනිමින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටියන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම කෙටුම්පත සකස් කිරීම සිදු කරනු ලබයි.
එහි මූලික පියවරයන් මේ වන විට අවසන්ව පවතින අතර කෙටුම්පත සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, සංවිධාන, සහ විශේෂඥ පුද්ගලයන්ගේ අදහස් විමසීමේ වැඩමුළුවක් අද (21) දින පෙරවරුවේ විෂය භාර ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධාන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ආමාත්‍යංශ 19ක නියෝජිතයන්, ශාස්ත්‍රීය හා පර්යේෂණ ආයතන නියෝජිතයන් සහ අන්තර් ජාතික සහයෝගිතා ආයතන නියෝජිතයන් ඇතුළු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!