යතුරුපැදි අනතුරකට සම්බන්ධව පහළොස් හැවිරිදි පාසල් සිසුවකු අක්මීමන පොලිසිය විසින් පෙරේදා (ජූලි 24) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන් කාන්තාවකගේ පාදයක් වළලුකරට ඉහළින් සිරුරෙන් වෙන් වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ආනන්දගොඩ, වැවේගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
අනතුරට ලක්වූ 40 හැවිරිදි කාන්තාව අක්මීමන, හපුගේ වත්ත, දෙනිය වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
පොලිසිය සඳහන් කරන පරිදි, අනතුර සිදුව ඇත්තේ හිමිදුම්ගොඩ පාසල අසලදීය.
මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාව මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් කාන්තාවගේ එක් පාදයක් වළලුකරට ඉහළින් වෙන් වී තිබෙනවා.
එලෙස වෙන් වූ පාදයේ කොටස යතුරුපැදියේ ඇමිනී ඇති අතර, ඒ බව නොදැන යතුරුපැදිය ද රැගෙන අදාළ සිසුවා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යතුරුපැදිය ද සමඟ පළා ගිය පාසල් සිසුවා නිවසට පැමිණි පසු යතුරුපැදියේ ඇමිනී තිබූ පාදයේ කොටස දැකඇති අතර, පසුව ඔහු එය රෙදි කැබැල්ලක ඔතා කැලයකට විසිකර යතුරුපැදිය සෝදා පිරිසිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු අක්මීමන පොලිසිය සැකකාර පාසල් සිසුවා නිවස තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
සිසුවාගෙන් විමසීමෙන් අනතුරුව පාද කොටස සොයාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, පාද කොටස රෝහලට ගෙන ඒමට ප්‍රමාද වීම හේතුවෙන් එය නැවත බද්ධ කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇත.
අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී