2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.
එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
එසේ වුවහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕෂනියාවෙන් ඔස්ට්‍රේලියාව, යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව හිමිවනු ඇත.
ඉතිරි කණ්ඩායම් ද්විත්වයෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇත.
මේ හේතුවෙන් සියවසකට වැඩි කාලයකට පසු ඔලිම්පික් උළෙලට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාව” ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජිකයින්ට අහිමි වනු ඇති බව වාර්තා වේ.
අවසන් වරට ඔලිම්පික් උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී තිබුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලටය.
2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග එම වසරේ ජූලි 12 සහ 29 කාලසීමාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි කාන්තා ඉසව්වක්ද පැවැත්වෙන අතර, ඒ සඳහාද කණ්ඩායම් 6කට අවස්ථාව සලසා දී ඇත.
තරග විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!