පුරා වසර විසි අටක දීර්ඝ කාලයක් තිස්සේ විශ්‍රාම වැටුප් විෂමතාවයෙන් අගතියටත් පත්ව ආර්ථික හා මානසික පීඩාවට ලක්ව සිටින විශ්‍රාමික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් රජය අපහසුතාවට ලක් නොකර පසුගිය හිඟ වැටුප් නොමැතිව තමන්ට හිමිවිය යුතු නියමිත විශ්‍රාම වැටුප 2026 සිට ලබාදීමට කටයුතු කරන ලෙස විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.
පුත්තලම දිස්ත්‍රික්කයේ විශ්‍රාමික ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් හලාවත දී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය මෙසේ අවධාරණය කළේය.
1997 බී.සී වැටුප් වාර්තාව මගින් ඇති කළ මෙම විෂමතාව දිගින් දිගටම පැමිණ 2021.08.10 වෙනි දින එවකට බලයේ සිටි රජය මගින් මෙය විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩලයේ අනුකමිටු වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නායකත්වයෙන් සමග එක්වී කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලය අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත්කළ සුබෝධනී වැටුප් කමිටු නිර්දේශ පදනම් කරගෙන දෙපාර්ශ්වය අතර එකඟතාවකට පත්වීම මගින් සියයට හැටක වැටුප් වැඩිවීම අදියර තුනකින් ලබාදීමටත් තීරණය කෙරිණි. එහි පළමු කොටස මුළු වැඩිවීමෙන් තුනෙන් එකක් ලෙස එනම් සියයට විස්සක කොටසක් වශයෙන් ගෙවීමටත් එකඟතාව ඇතිකර ගන්නා ලදී.
කෙසේ නමුත් 2022 ජනවාරි පළවෙනි දින ගෙවීම් සිදුකළද අද වනවිටත් එම හිමිකම 2021.12.30 වෙනි දිනට පෙර විශ්‍රාම ලබාගත් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට නොලැබීමෙන් බරපතළ ලෙස ඔවුන් ආර්ථික හා මානසික වශයෙන් පීඩා විඳිති.
වසර 28ක් පුරාවටම නිත්‍යානුකූලව වැටුප් හා විශ්‍රාම වැටුප් වශයෙන් ලැබීමට තිබූ ලක්ෂ ගණනක මුදලත් අහිමි කරමින් තවදුරටත් එම හිමිකම ලබා ගැනීමට නියමිත දිවයින පුරා අසූදාහට ආසන්න විශ්‍රාමිකයින් පිරිසක් මෙම ගැටළුවෙන් පීඩා විඳින බව පෙන්වා දෙන විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය ඔවුන්ගේ සේවා කාලය හා විශ්‍රාම ලබාගත් කාල වකවානුව සලකා විශ්‍රාම වැටුප අනුරූපව නියමිත පියවර ගලපා සංශෝධනය කර හිග වැටුපද නෙසළකා ඉදිරියේදී කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.
(source – divaina)

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු