බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, අද (27) දින උදෑසන සිට එහි ඉරිතැලීම් හා ගිලා බැසීමේ අවදානමක් හා අපජලය මාර්ගයට ගලා ඒම හේතුවෙන්.
එම ස්ථානයෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් කොළඹ දෙසට ඇතුළු වන මංතිරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹින් පිටවන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවද පොලීසිය පවසනවා.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී