කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) පස්වරු 3.30ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇද වැටී එම දුම්රියටම යට වීමෙන් මියගොස් ඇතැයි අප වාර්තාකරු පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර දුම්රිය ස්ථානයෙන් බණ්ඩාරවෙල නගරයට පැමිණි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
එම පුද්ගලයා දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලට පැමිණෙනවාත් සමගම දුම්රිය නතර කිරීමට පෙර ඉන් බැසීමට තැත් කිරීමේ දී ඇද වැටී ධාවනය වෙමින් පැවතී එම දුම්රියටම යට වීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මියගිය පුද්ගලයාගේ දේහය මේවන විට බණ්ඩාරවෙල මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී