හැටන් නගරයේ බේකරියකින් ආහාරයට ගත් පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට ඊයේ (25) හමු වී ඇත.
ඊයේ රාත්‍රි ආහාරය සදහා එම බේකරියෙන් රු.180ක මුදලක් ලබා දී පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක් මිලදී ගෙන එය ආහාරයට ගැනීමේදි පාන් පෙත්තක ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබි හමුවීමත් සමග එම පාර්භෝගිකයා පාන් පරිභෝජනයට නොගෙන එම පාන් රාත්තල සහ ඇගිල්ලක තුවාලයක සමේ කොටස හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත ලබා දි ඇත.
ඇගිල්ලක තුවාලයක සමේ කොටස පරික්ෂා කල හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ එම බේකරියේ නිෂ්පාදන කටයුතු අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එම බේකරියේ හිමිකරුට එරෙහිව මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා දඩ මුදල් අය කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද බේකරියේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යලිත් නඩු කිහිපයක් පැවරීමට පියවර ගන්නා බවයි.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි