මැදවච්චිය, රඹෑව A9 මාර්ගයේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පදවිය බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි.
අදාළ කාන්තාව සිය ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගී වීම සඳහා ත්‍රීරෝද රථයකින් මාවනැල්ල ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
අනතුර වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර ඔවුන් ද සුලු තුවාල ලබා තිබේ.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ලොරි රථයේ රියදුරු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි