කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ ආපනශාලාවක් මතට පසුගිය 22 උදෑසන ගල් පර්වතයක් සමඟ පස් කන්දක් කඩා වැටීමේ අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර, 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
මෙම නායයෑමත් සමඟ සුන්බුන්වලට යටවී ජීවිතයත් මරණයත් අතර සටනේ නිරතවූ පිරිස අතරින් එක් කාන්තාවක් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූවාය. මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වී පැය 6කට පසුවත් නිරුපද්‍රිතව සිටි ඇය, තමන් මුහුණපෑ බිහිසුණු අත්දැකීම මාධ්‍ය වෙත අනාවරණය කළේ මෙලෙසිනි.
ඇයගේ වාසනාවන්ත ගැලවීමට හේතු වූ සිදුවීම විස්තර කරමින් ඇය මෙසේ පැවසුවාය:
“අපිට උදේ වරුව ටිකක් කාර්‍යබහුල වුණා. අංකල් සාමාන්‍යයෙන් මට කියනවා, දුව තේ එකක් හදන්නකෝ අපිට බොන්න කියලා. මම තේ එක හදලා ඉවර වෙලා කිව්වා, අංකල් තේ එක හැදුවා බොමු කියලා. තේ එක බීලා මම වෙනදා වොෂ් රූම් එකට යනවා. ඒත් මම ඊයේ වොෂ් රූම් එකට ගියේ නැහැ. ඒක මගේ වාසනාව. වොෂ් රූම් ගියා නම් මම අද ජීවතුන් අතර නැහැ. ටික වෙලාවක් යද්දි ඒ අයියා ඇවිල්ලා මොකක් හරි ඉල්ලුවා මගෙන්. හරි අයියේ දෙන්නම් කියලා මං උඩ බැලුවා. බලද්දී මට තේරුණා ගහක් මේ පැත්තට එනවා වගේ. ඊට පස්සේ මං එතනින් කෑ ගහගෙන දුවගෙන ආවා, අංකල් ගහක් එනවා දුවමු.. දුවමු.. කියලා. දුවන්න හම්බුණේ නැහැ, මම හිර වෙලා හිටියේ.”
ඉන් අනතුරුව එම බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනි:
“මං හිරවෙලා ඉන්න අතරතුරේ, මට හිතාගන්න බැහැ දැන් මට මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මං හිත තද කරගෙන මගේ දරුවයි මහත්තයාවයි මතක් කරගත්තා. මේ දෙන්නගේ වාසනාවක් තියෙනවා නම් මං බේරෙනවා කියලා. ටික වෙලාවක් යද්දි මට එළියෙන් සද්ද ඇහෙනවා. එක්කෙනෙක් මට කියනවා ඇහුණා නංගි ඇතුළේ.. නංගි ඇතුළේ.. කියලා. ඊට පස්සේ පිටින් ඇවිල්ලා කියනවා කට්ටිය බැකෝ දාලා මේ පැත්තෙන් කඩමු, පඩි පේළිය කඩමු එහෙම කියලා. ඒවත් මට හොඳට ඇහෙනවා. මං කතා කරන එක එළියට ඇහෙන්නේ නැහැ. මං අන්තිමේදී ඇස් දෙක පියාගත්තා… ගෑස් සිලින්ඩරයක් උඩ තමා කොන්ක්‍රිට් තට්ටුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මට ඉඩ පරතරයක් ආවා. බැකෝ දාලා කඩමු කියද්දී මට හිත ටිකක් අවුල් ගියා.. මොකද එහෙම කරොත් කෑලි ඇඟටනේ වැටෙන්නේ. ඊට පස්සෙ කිව්වා බූම් එක දාලා කොන්ක්‍රිට් එක උස්සමු කියලා. එතකොට මගේ හිත ටිකක් හරි ගියා. එක මල්ලි කෙනෙක් පෙනුණා කවුද දන්නේ නැහැ.. ආමි එකේද පොලිසියෙද කියලා.. මම “බුදු මල්ලී.. මං ඇතුලේ ඉන්නවා” කිව්වා. එතකොට එයා කිව්වා “අනේ මගේ අක්කේ.. ඔයා බය වෙන්න එපා අපි ඔයාව ගන්නවා” කියලා. ඊට පස්සේ මං අත දාලා මං ඉන්න තැන සංඥා කළා එයාට. ඊට පස්සේ එයා ටෝච් එකක් ගහලා බැලුවා. ඊට පස්සේ එයාල මාව ඇදලා අර ගත්තා.”

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු