වසර 4ක් පුරා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙමින් වදහිංසා කළ සිදුවීමක් කැලණිය දිප්පිටිගම ප්‍රදේශයෙන් වාර්තා විය.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම දරුවා හැදී වැඩුණු නිවසේ සිටි හිමිකරුවන් විසින් දරුවාට පහරදී බැල මෙහෙවරකම් සිදුකරගෙන ඇති බවය.
මෙම දරුවාගේ මව දෙවැනි විවාහයක් කරගැනීමත් සමග ස්වාමිපුරුෂයා දරුවාට ඇති අකමැත්ත හේතුවෙන් ඔහුව අසල්වැසි නිවසකට භාරදීමට, මව කටයුතු කර තිබේ.
ඒ මීට වසර 4කට පෙරය.
එතැන් සිට කැලණිය දිප්පිටිගම ප්‍රදේශයේ අසල්වැසි නිවසක ජීවත් වූ මෙම දරුවා ඒ නිවසේ කාන්තාවගෙන්, ඇගේ ස්වාමියාගෙන් සහ දියණියගේ පහරකෑම්වලට ලක්වී ඇත.
එමෙන්ම සිය අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගනිමින් නිවසේ බැල මෙහෙවරකම් සිදුකිරීමටද සිදුවී ඇත්තේ මෙම දරුවාටය.
එලෙස දුක්ඛිත ජීවිතයක් ගත කළ මෙම දරුවාගේ හැසිරීමේ යම් වෙනසක් දුටු පාසල් ගුරුවරුන් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.
එහිදී ගුරුවරුන්ට දැනගැනීමට හැකිවී ඇත්තේ දරුවා පහරදීම් හා වදහිංසාවලට නිරන්තරයෙන් ලක්වී ඇති බවය.
කැලණිය දළුගම ශාන්ත ප්‍රැන්සිස් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මෙම දරුවා කඳුළු සලමින් තමා මුහුණදුන් අමිහිරි සිදුවීම් පවසා තිබුණි.
“කරදරයක් නොවී වහ බෝතලයක් අරගෙන බීපං කිව්වා..” යනුවෙන් ද දරුවා එහිදී පවසා තිබුණි.
මේ පිළිබඳව දරුවාගේ මව ද පාසලට ගෙන්වා දැනුවත් කළද ඇය ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ඇති අතර පසුව අදාළ කාන්තාව දැනුවත් කිරීමටද ගුරුවරුන් කටයුතු කර ඇත.
එහිදී අදාළ කාන්තාව ගුරුවරුන්ට ද තර්ජනය කර ඇති බව වාර්තා විය.
අනතුරුව ගුරුවරුන් පෑලියගොඩ පොලීසිය දැනුවත් කළ අතර එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පැමිණ දරුවා ව ඊයේ පොලීසියට රැගෙන ගොස් තිබුණි.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ දරුවා දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස පහරකෑම්වලට ලක්වී ඇති බවය.
දරුවා ජීවත් වූ නිවසේ කාන්තාවද පෑලියගොඩ පොලීසියට පැමිණි අතර ඇයගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබේ.
මේ වනවිට දරුවා පොලිස් ආරක්ෂාව මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන පෑලියගොඩ කාන්තා හා ළමා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තමරා දුෂාන්ති ද සිල්වා මහත්මිය පැවසුවේ එම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව නිවැසියන් සහ ඔහුගේ මව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවය.
-adaderana-

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්