බුදුදහම ජාත්‍යන්තර තලයට ව්‍යාප්ත කිරීමේ අරමුණින් හෙයියන්තුඩුව පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන “Dhamma Bridge” ඉංග්‍රීසි භාෂා පාඨමාලාව පසුගිය ජනවාරි 09 වන දින උත්සවාකාරයෙන් ආරම්භ විය.
ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ සුවිශේෂී සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අපේක්ෂාව වන්නේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා පවතින භාෂාමය බාධකය (Language Barrier) ඉවත් කර, ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් “භාෂාමය පාලමක්” නිර්මාණය කිරීමයි.
මෙරට ගෞරවනීය භික්ෂූන් වහන්සේලා සහ දහම් පාසල් ගුරුවරුන් ඉලක්ක කරගනිමින් මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.
ප්‍රවීණ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.
මෙම පාඨමාලාව මුළුමනින්ම නොමිලේ පවත්වනු ලබන අතර, බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ මහා මෙහෙවරට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා කුසලතාව වර්ධනය කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇති බව විද්වතුන්ගේ මතයයි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු