ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අලුතින් පක්ෂ 5ක් එක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 85 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේ (2025) නව පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිවූ නව පක්ෂ පහත දැක්වේ:
- සමාජවාදී ජනතා පෙරමුණ
- ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
- මලෙයිග අරසියල් අරංගම්
- සමත්තුව කඩ්චි
- විප්ලවාදී ජනතා බලය
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි, 2025 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් 83ක් ලැබී තිබුණි. ඉන් අදියර කිහිපයක් යටතේ සිදුකළ විමර්ශනවලින් පසු ක්‍රියාවලිය මෙසේ සිදුවිය:
- මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා පක්ෂ 47ක් සුදුසුකම් ලැබීය.
- ඉන් අනතුරුව පැවැත්වූ අවසන් සම්මුඛ සාකච්ඡා මත පදනම්ව වඩාත් සුදුසු පක්ෂ 05ක් පමණක් ලියාපදිංචිය සඳහා තෝරාගෙන ඇත.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි