සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී එංගලන්ත කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06කට ලකුණු 271ක් රැස්‌කර ගනු ලැබුවා.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් රැස් කර ගනු ලැබුවේ පන්දු 117කට මුහුණ දෙමින්.
එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරණ ඉනිමේ අවසන් පන්දුවාරයේ වගකීම සියතට ගත් දුනිත් වෙල්ලාලගේ එම පන්දුවාරයේදී ලකුණු 23ක් රැස් කර ගත්තේ තමන්ගේ සමස්ත ලකුණු සංඛ්‍යාව පන්දු 12ක් තුළ ලකුණු 25ක් දක්වා ඉහළ නංවා ගනිමින්.
අනතුරව ලකුණු 272ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49 පන්දු 02ක් තුළ සියල්ලන් දැවීගොස් රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 252ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් ලකුණු පන්දුවාර 05යි පන්දු 02ක් තුළ ලකුණු 39ක් පමණක් ලබා දෙමින් කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වුණා.
එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරණ ඉනිම අවසන් භාගයයේදී ඔසවා තැබූ දුනිත් වෙල්ලාලගේ පන්දු යැවීමෙන්ද විශිෂ්ඨ දස්කම් දක්වමින් පන්දුවාර 10ම ක්‍රියාත්මක කරමින් ලකුණු 41කට කඩුලු 02ක් දවා ගනු ලැබුවා.
තවද විශිෂ්ඨ උඩපන්දු දෙකක් ද රැක ගනිමින් දුනිත් වෙල්ලාගේ තුන් ඉරියව්මෙන්ම දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඒ අනුව ලකුණු 19කින් ලැබූ මෙම ජයග්‍රහණයේ වීරයා බවට පත්වූ දුනිත් වෙල්ලාගේ තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
තරගයෙන් අනතුරව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දුනිත් පවසා සිටියේ පසුගිය කාලය පුරාවට පිතිකරණය මෙන්ම පන්දු යැවීමද වැඩිදියුණු කර ගැනීම සඳහා පුහුණුකරුවන් කිහිපදෙනෙක් සමඟම පුහුණුවීම්වල නිරත වූ බවයි.
එමෙන්ම ඔහු පසුගිය ආසියානු කුසලානය තරගාවලියට සහභාගීව සිටින අතරතුර මෙරට දී අභාවපාත්‍ර වූ ඔහුගේ පියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුනිත් කියා සිටියේ මෙම තරගයේ වීරයා ලෙස දිනාගත් සම්මානය තම පියාට පුද කරන බවයි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු