“දිට්වා” සුළි කුණාටුවෙන් පසුව රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වනවිට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.
විදෙස් රටවලින් ලැබුණු මුදල් ප්‍රමාණයද මේ වනවිට ඉහළ ගොස් ඇති බවත් එසේ ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාව ඉක්මවා ගොස් ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.
මෙම මුදල් ආධාර ලැබුණු රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා ගොස් ඇතැයිද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.
තවද, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, භූතානය, ඉතාලිය සහ කොරියාව යන රටවල්ද පිළිවෙළින් මුදල් ආධාර ලැබුණු ඉහළම රටවල් 10 බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි