Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැංකු කාඩ්පත් භාවිතයේදී ප්‍රවේශම් වන්න! ඔබේ මුදල් සොරාගන්නා අලුත්ම වංචාව මෙන්න!

1 month ago

SMS පණිවිඩ සහ ඔන්ලයින් ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සදහන් පණිවිඩ එවමින් වංචාකාරී ආකාරයට මුදල් පැහැර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට Sri Lanka CERT ආයතනයට පැමිණිලි ලැබී ඇති බව සර්ට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව කිසියම් සැක කටයුතු ක්‍රියාවක් නිසා ක්‍රෙඩිට් කාඩ්පත අත් හිටුවා ඇති බව සදහන් කරමින් සහ සුප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සදහන් කරමින් මෙම වංචාව සිදු වන බවද දැනගන්නට ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රෙඩිට කාඩ්පත නැවත ක්‍රියාත්මක කර ගැනීමට නම් හැදුනුම්පත් අංකය ඇතුළු පුද්ගලික තොරතුරු එම sms පණිවිඩයේ සදහන් ලින්ක් එක හරහා බැංකුවට ලබාදෙන මෙන් අඳාළ පණිවිඩයෙන් කියැවෙන බව සඳහන්.

එසේම පැය 24 ක් ඇතුළත එම තොරතුරු share නොකලහොත් කාඩ්පත අවලංගු වන බව හෝ කාඩ්පත්වලින් මුදල් නිකුත් විය හැකි බව එහි සදහන් වෙන බව වාර්තා වේ.

ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත යොදාගනිමින් ගණුදෙනු කරන පුද්ගලයන් මෙම පණිවිඩයට අනුකූලව කටයුතු කරමින් කාඩ්පත අවලංගු වීම වළක්වා ගැනීමට වහා ලින්ක් එකට ගොස් තමන්ගේ සංවේදී දත්ත ඇතුලත් කිරීම සිදු කරයි.

අනතුරුව වංචාකරුවන් ඉතා සුක්‍ෂමව බැංකු ගිණුමට පිවිස OTP අංකයක් තොරතුරු ලබා දුන් පුද්ගලයාට යවා එම අංකය ලබා ගෙන ඔවුන්ගේ ගිණුම්වල පැවති මුදල් පැහැරගෙන ඇත.

තවත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකථනයට Whatsapp ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබා දෙන පොලිස් ඇදුමෙන් සැරසුනු වංචාකරුවෙක් තමන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් හදුන්වා දෙමින් රගපෑමක යෙදෙන බවත් හෙළි ව තිබෙනවා.

ඒ අනුව අපරාධකරුවෙක් පොලිසියේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා ඇමතුම ලැබෙන අයගේ නම සහ හැදුනුම්පත යොදාගනිමින් ක්‍රෙඩිට් කාර්ඩ් පත් බැංකු කිහිපයකින් ලබා ගෙන රුපියල් මිලියන ගණනක වංචා කර ඇති බවත් සදහන් කරන එම පොලිස් නිලධාරිවරයා ඉන් පසු හැදුනුම්පත් අංකය සහ ගිණුම් අංකද සදහන් කරමින් ප්‍රශ්න කර බලපෑම් කරන බවත් අඳාළ සියලු තොරතුරු තමන් මීට පෙර ලබා දුන් ඒවා බව ඒ වන විට වංචාවට හසුවූ අයට සිහිපත් කර ගැනීමට ඉඩක් නොලැබෙන ලෙස මෙම ප්‍රශ්න කිරීම සිදු වන බවත් පැමිණිලිවල දැක්වේ.

එමෙන්ම මේ සිදුවීම් සම්බන්ධව අත් අඩංගුවට ගැනීමක් සිදුවන බවටද තර්ජනාත්මකව පැවසෙන නිසා රුපියල් ලක්ශ ගණනක් ගෙවා ඉන් ගැලැවීමට වංචාවට හසූ වූවන් කටයුතු කර ඇති බව සඳහන්.

එනිසා මෙම sms පණිවිඩ හෝ ඔන්ලයින් ඔස්සේ ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් සිදු කරන ව්‍යාජ රඟපෑමට හසු නොවන ලෙසත් Sri Lanka CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිල සම්බන්ධතා තොරතුරු භාවිතා කර ඔබේ බැංකුව හෝ අදාළ බලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වන ලෙසත් සැක සහිත වංචා පිළිබඳ තොරතුරු බැංකුව වෙත දැනුම් දෙන ලෙසත් Sri Lanka CERT ආයතනය තවදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *