පියා විසින් තම පුතාට එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකට මැදිව තුවාල ලැබූ 11 හැවිරිදි මුණුපුරෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
අද (31) දහවල් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසළදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තම දරුවා රැගෙන යාමට පියා පැමිණි අවස්ථාවේ දී, ඔහුගේ පියා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පුතා සහ මුණුපුරා ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
අම්බලන්ගොඩ පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි